ඔබටත් වෘත්තීය මඟ පෙන්වන්නෙක් සහ වැඩි වැටුපක් ලැඛෙන රැකියා පිළිබඳ දැනගන්න පොත් 02ක් මෙන්න.

ශ්‍රී ලංකාවේ කාර්මික අධ්‍යාපනය හා වෘත්තීය පුහුණු පාඨමාලා සැලසුම් කරන්නේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවයි. මෙම කොමිෂන් සභාව තමයි ලංකාවේ පවත්වනු ලබන ඕනෑම වෘත්තීය පුහුණු ආයතනයක්, එ වගේම එම ආයතනයන්ගෙන් පවත්වන පාඨමාලා පිළිබඳ හදුන්වා දෙන්නේ. ඔබ දන්නවා ද ලංකාව පුරාම විසිරී තිඛෙන විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා පවත්වන ආයතන විශාල සංඛ්‍යාවක් තිඛෙනවා. එම ආයතන සංඛ්‍යාව දහස් ගනනකි. එ මොන තරම් ආයතන තිබුනත් එම ආයතන වලින් පවත්වන පාඨමාලා සහ එම පාඨමාලා වලට ඔබ මුදල් ගෙවා ලබා ගන්නා සහතිකයට පිළිගැනීමක් තිබේ ද නැත් ද යන්න ඔබ මීට පෙර දැනගෙන සිටියා ද. සමහර විට ඔබ දැනගෙන සිටින්නට ඇත. ඒත් ඔබ පොඩ්ඩකට මෙහෙම සිතුවොත් තවත් හොඳයි. කරන්නං වාලේ ඔහේ මොකක් හරි පාඨමාලාවක් කරනවාට වඩා වැඩි පිළිගැනීමක් තිඛෙන ආයතනයක වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරුවොත් නේද වඩා හොඳ. එA කියන්නේ ඔබ මොනවා හරි වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරනවා නම් එම හදාරන පාඨමාලාව රජයේ ලියාපදිංචි පිළිගත් ආයතනයක් වන්නට ඕනෙ. එහෙම ආයතනයක පාඨමාලාවක් හැදෑරුවොත් විතරයි ඔබ ලබා ගන්නා එම සහතිකයට පිළිගැනීමක් තිඛෙන්නේ. සහතිකයට පිළිගැනීමක් ලැඛෙන්න නම් අනිවාර්යයෙන්ම එම ආයතනය කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක් ම වෙන්න ඕන. ඉතින් ඔබ කොහොමද එම ආයතනය තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක් ද නැත් ද කියලා දැනගන්නේ. ඒක ඔබට දැනගන්න හරිම ලේසියි. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන එඩැජගටදඩගකන නම් අඩවියට පිවිසීමෙන් ඔබට ලංකාවේ ඇති සියලූම වෘත්තීය පුහුණු ආයතන ගැන දැන ගන්න පුලූවන්. එ විතරක් නොවෙයි. එම ආයතන වල පවත්වන එක් එක් වෘත්තීය පුහුණු පාඨමාලා ගැන සවිස්තරාත්මක තොරතුරු දැන ගන්න පුලූවන්. ඒත් ඉතින් තවමත් ලංකාවේ කොම්පියුටර් නැති ෂබඑැරබැඑ, ැප්සක පහසුකම් නැති දරුවන් සිටින පළාත් ද තවමත් තිඛෙන බව අපි දන්නවා. ඒ නිසා තමයි එකී නොකී සෑම කෙනෙකුටම ප්‍රයෝජනවත් වෙයි කියලා සිතාගෙන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් එකතු වෙලා ඕනෑම කෙනෙකුට ප්‍රයෝජනවත් වන ආකාරයට —ඔඪෑඔ ඨමසාැ 2017˜ කියලා අලූත් ම පොතක් හදුන්වලා දීලා තිඛෙන්නේ. ඇත්තෙන් ම මේක පොතක් කියලා අපි ලෙහෙසි පහසුවට හැදින්වූවාට මේක නවකතාවක් වගේ එක දිගට කියවාගෙන යන පොතක් එහෙම නෙවෙයි. මේ ඔඪෑඔ ඨමසාැ කියල කෙටියෙන් අපි මේක හැදින්වූවාට මෙහි දිග වචනය —ඔැජයබසජ්ක ්බා ඪදජ්එසදබ්ක ෑාමජ්එසදබ ්බා ඔර්සබසබට˜ ඒ කියන්නේ වෘත්තීය හා කාර්මික අධ්‍යාපන පුහුණුවට මඟ යන්න මෙහි තේරුමයි. අපි දන්නවා ලංකාවේ සමහර පළාත් තිඛෙනවා ඉතාමත් අති දුශ්කර ප්‍රදේශ. එපමනක් නෙවෙයි සමහර ළමයින්ට කාර්මික අධ්‍යාපනය හා වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමට නියම මගක් තෝරා ගැනීම ඉතාමත් දුශ්කර කාර්යයක් වෙලා තිඛෙනවා. ඒ නිසා තමයි —ඔඪෑඔ ඨමසාැ 2017˜ නමින් එළි දක්වලා තිඛෙන්නේ. මෙම පොතෙන් ඔබට ලංකාවේ පිළිගත් ආයතන වගේම පිළිගත් පාඨමාලා මොනවා ද යන්න දැනගන්න පුලූවන්. ඒ වගේම මුදල් ගෙවා ලැබිය හැකි පුහුණු පාඨමාලා මොනවා ද, නොමිලයේ හැදෑරිය හැකි පාඨමාලා මොනවා ද යන්න දැනගෙන කැමති ආයතනයක ඔබ කැමති පාඨමාලාවක් හැදෑරීමට ඔබට මෙම පොතෙන් තෝරා ගන්න පුලූවන්. මෙම පොතෙන් ඔබට කැමති පාඨමාලාව අනුව, දිස්ත්‍රික්කය, පළාත, ආයතනය අනුව, විෂය ක‍ෂ්ත්‍රය අනුව ඕනෑම ආකාරයේ පාඨමාලාවක් තෝරා ගැනීමට හැකියාව තිඛෙනවා. ආ තවත් විශේෂත්වයක් කියන්න හිටිය වැදගත්ම දෙය කියන්න බැරි උනා. ලංකාවේ පමණක් නොවෙයි අද ලෝකයේ වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනයට විශේෂ ස්ථානයක් හිමි වෙලා තියෙනවා. හැමෝම වෛද්‍යවරු, ඉන්ජිනේරුවරු, නීතීඥවරු වෙන්න හිතන් හිටියට එතකොට සමාජයට අවශ්‍ය කරන අනෙත් පිරිසට මොකද වෙන්නෙ ඒ අයත් ඒ කියන්නෙ විවිධ වෘත්තිකයනුත් සමාජයට අවශ්‍යමයි. ඔබ පොඩ්ඩක් මෙහෙම හිතන්න. හැමෝම වෛද්‍යවරු උනොත් එහෙම ලෙඩ්ඩුන්ට ඛෙහෙත් දෙන්නෙ කවුද. එදාට සිද්ද වෙනවා වෛද්‍යවරයාට ලෙඩා සොයාගෙන යන්න අද ලෝකයේ ඕකනේ ඉදිරියට වෙන්න යන්නෙ. ඒ වගේම තමයි අනෙත් ක‍ෂ්ත්‍ර වලත්. අවශ්‍ය පිරිසට වඩා ශ්‍රම බලකාය වැඩියි. ඉතින් කොහෙන්ද රැකියා. ඒක නිසා යුගයට හා කාලයට, රටට ලෝකයට ගැලපෙන වෘත්තීය අධ්‍යාපනයක් ලබන්න ඕනෑ. උදාහරණයක් වශයෙන් අපි මෙහෙම බලමු. අද පාරේ යන වාහන කොතරම් ද. ඒ හැම කෙනෙක්ම වාහනයක් එලවනවා තමය.ි ඒත් ඉතින් වාහනයේ ඉතාම සුලූ කාර්මික දෝශයක් නෙවෙයි අඩුගානෙ ීච්රු උැැක එකවත් මාරු කරගන්න පුලූවන් කීයෙන් කී දෙනාට ද එසේ නොහැකියාවක් ඇති වී තිඛෙන්නේ ඒ පිළිබඳව සුලූවෙන් හෝ වෘත්තිමය වශයෙන් දැනගෙන නොසිටීමයි ඒ කියන්නෙ —ාද බදඑ නබදඅ ්රඑ දෙ අදරනසබට˜ වැඩ කිරීමේ කලාව දැනගන්න ඕනෑ. ඕනෑම වැඩක් කිරීමේ කලාවක්, හුරුවක් තිඛෙනවා එසේ වැඩ කිරීමේ හුරුව, කලාව —්රඑ දෙ අදරනසබට˜ උගන්වන්නේ වෘත්තීය අධ්‍යාපනයෙන් විතරයි. එය විධිමත් වෘත්තීය අධ්‍යාපනයක් හෝ අවිධිමත් වෘත්තීය අධ්‍යාපනයක් වෙන්න පුලූවන්. අවිධිමත් වෘත්තීය අධ්‍යාපනය තමයි අපේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වී ගෙන ආ යම් යම් වෘත්තීන්. මේවාට ඉතින් උදාහරණ ඕනා තරම් කියන්න පුලූවන්නෙ අපි හැම දෙනාටම. ඒක නිසා අපි දැන් විධිමත් වෘත්තීය අධ්‍යාපනයක් හා පුහුණුවක් ලබන්නේ කෙසේ ද, එසේ විධිමත් වෘත්තීය අධ්‍යාපනයක් ලැබීමට ඇති ආයතන මොනවා ද, එම ආයතනවල ඇති වෘත්තීය පුහුණු පාඨමාලා මොනවා ද, එම පාඨමාලා පවත්වන ආයතන මොනවා ද, ඒවායේ පවත්වන පාඨමාලා වලට මුදල් අය කරනවා ද, එසේ නැති නම් නොමිලයේ ද මේ සෑම තොරතුරක් ම මෙම —ඔඪෑඔ ඨමසාැ 2017˜ ප්‍රකාශනයෙන් ඔබට දැනගන්න පුලූවන්. එසේ දැනගෙන ඔබ කැමති පළාතක, කැමති වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකට ගොස් පාඨමාලාවක් තෝරාගෙන නිදහසේ හැදෑරීමට මෙම පොත ඔබට මඟ පෙන්වන නිසා තමයි මේකට —ඔඪෑඔ ඨමසාැ˜ කියලා කියන්නෙ.
දැන් ඉතින් අපි වෘත්තීය පුහුණු පාඨමාලාවක් තෝරා ගැනීමට ඇති මඟ පෙන්වීම ගැන ගොඩක් විස්තර කතා කලානෙ. දැන් අපි බලමු මෙම වෘත්තීය පුහුණු පාඨමාලාවක් තෝරාගෙන එම පාඨමාලාව හැදෑරීමෙන් අනතුරුව මොන මොන ක‍ෂ්ත්‍රයේ ද රැකියා වැඩි වශයෙන් තියෙන්නෙ කියලා. ඒ කියන්නෙ වර්ථමානයේ ලෝකයේ පවතින සමාජ හා ආර්ථීක ක්‍රමවේදයට ගැලපෙන හොඳ වැටුපක් ලැඛෙන, ඉල්ලූමක් තිඛෙන රැකියාවක් කරන්න පුලූවන් වන වෘත්තියක් තෝරා ගැනීම අපි අනිවාර්යයෙන් ම කල යුතු වනවා. එහෙම නැතුව මොනවා හරි පාඨමාලාවක් හදාරල ඊට ගැලපෙන රැකියාවක් ලැඛෙන්නේ නැතිනම් එම වෘත්තීය අධ්‍යාපනයෙන් හෝ පුහුණුවෙන් වර්ථමාන තරගකාරී සමාජයට නම් වැඩක් වෙන්නේ නැති එක ඉතින් අපිට ආයේ වෙන කවුරුවත් කියන්න ඕන නෑනෙ. තවත් පැත්තකින් කියනවා නම් කාලයෙන් කාලයට යුගයේ හා කාලීන, දේශගුණික හා කළාපීය වශයෙන් යම් යම් වෙනස්කම් විපර්යාසයෙන් සිදු වනවා පමණක් නොව වෙනස් කිරීම ද අවශ්‍ය වෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ද ඒකනෙ යම් යම් ශික‍ෂා පදයන් ගැලපෙන පරිදි ඇතැම් විටක සංශෝධනය කලේ. (ඛුද්ධක නිකාය ඃ ඛුද්ධානු ඛුද්ධක සික්කාපදං සමූහන්තු) අපි ඉතින් ඒ තරමට අතීතයට යන්න ඕනෙ නැත. ඒත් ඉතින් ඒවායේ අපට ගත යුතු අර්ථ ගොඩක් තියෙනවා.
ඉස්සර තමයි අපිට අපේ පැරණි ගුරුවරු ඉගැන්වූයේ —උගතමනා ශිල්පය මැයි මතු රැකෙනා˜ කියලා ඒ අපේ සාරධර්ම අධ්‍යාපනයයි. අනේ ඉතින් අපේ අතීතයේ පැවති සාරධර්ම අධ්‍යාපනය ගැන නම් මම ඉතින් දැන් කියන්න යන්නෙ නෑ. අපේ පැවති ඒ සාරධර්ම අධ්‍යාපනයට දෙවියන්ගේ ම පිහිටයි. ඕං ඉතින් මං ආයේ ඒ ගැන කියන්නේ නෑ. ඒ ගැන ඉතින් ක්‍රියා කරන්නේ ඒ පැත්තේ ලොකු ලොකු ඇත්තන් ඉන්නවනේ. අපි උන්දැලෑටම භාරකරමු. දැන් ඉතින් මං ආයෙමත් වෘත්තීය අධ්‍යාපනය පැත්තට ම යොමු වෙනවා. මට මේ වෙලාවේ මතක් වෙනවා අපේ රටේ හිටියා කියන උතුමෙක් කිව්ව මෙන්න මෙහෙම කතාවක්. ඒක තමයි —කොල්ලනේ කෙල්ලනේ උගතමනා ශිල්පය මැයි මතු රැකෙනා˜ නෙවෙයි —මතු රැකෙනා ශිල්පය මැයි උගතමනා˜ ඒකත් ඉතින් එක පැත්තකින් ඇත්ත තමයි. ජීවත් වෙන්න රැකියාවක් කරන්න පුලූවන් දෙයක් ඉගෙනගන්න එපාය. නැතුව කොහොමද වර්ථමානයේ තරගකාරී ආර්ථීක රටාවකින් යුත් මේ ලෝකයේ ජීවත් වෙන්නෙ. ඒකත් හරි තමයි. එහෙනම් ඉතින් හොඳ වැටුපක් ලැඛෙන රැකියාවක් කරන්න නම් ඊට සුදුසු දෙයක් ඉගෙන ගන්න වෙනවාමයි. ඒක නිසා තමයි තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ නිලදාරීවරුන් බොහෝම මහන්සි වෙලා රැකියාවන් පිළිබඳ, එක් එක් රැකියාවෙන් ලැඛෙන වැටුප්, එක් එක් ක‍ෂ්ත්‍රයේ ඇති රැකියා පිළිබද, ඒවායේ ඇති පුරප්පාඩු පිළිබඳ අධ්‍යනය කරලා ශ්‍රම වෙළදපොළ තොරතුරු සංග්‍රහය (ඛ්ඉදමර ඵ්රනැඑ ෂබදෙරප්එසදබ ඊමකකැඑසබ) (ඛඵෂ) කියල පොතක් හදල තියෙන්නෙ. මේ පොතෙන් ඕනෑම කෙනෙකුට දැනගන්න පුලූවන් දේශීය හා විදේශීය වශයෙන් එක් එක් ක‍ෂ්ත්‍රයේ පවතින රැකියා පිළිබදව, ඒ ඒ රැකියාවල ඇති පුරප්පාඩු පිළිබඳව, ගෙවන වැටුප පිළිබඳව, අවශ්‍ය කරන ශ්‍රමිකයන් ගැහැණු ද පිරිමි ද යන්න සියලූම විස්තර දැනගන්න පුලූවන්. එපමනක් නොවෙයි. පුරප්පාඩු කීයක් තියෙනවා ද යන්න එක එක අවුරුද්දට අදාලව දැනගන්න පුලූවන් වෙනවා. මෙම ශ්‍රම වෙළෙදපොළ තොරතුරු සංග්‍රහය (ඛඵෂ) පොත කොමිෂන් සභාව 1998 වර්ෂයේ සිටම නොකඩවා හය මාසෙකට වරක් ප්‍රකාශයට පත් කරනවා. මෙම පොතට ලොකු ඉල්ලූමක් තිඛෙනවා. ඒ කියන්නෙ මේ පොතේ ඇති විශේෂත්වය තමයි මෙම පොත භාවිතා කරන්නේ එක්තරා සුවිශේෂී වූ පිරිසක් පමණයි. ඒ අය තමයි,
• රැකියා අපේක්ෂකයින්
• සේවා යෝජකයින්
• පර්යේෂකයින්
• ප්‍රතිපත්ති සම්පාදකයින්
• ප්‍රතිපත්ති තීරකයින්
රැකියා අපේක්ෂකයින්ට මෙම පොත වැදගත් වන්නේ එක් එක් රැකියාවල ලැඛෙන වැටුප, එම රැකියාවට ම තිබිය යුතු වෘත්තීය සුදුසුකම්, පවතින පුරප්පාඩු ආදී තොරතුරු දැනගෙන වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමට මෙම තොරතුරු සංග්‍රහය ඛෙහෙවින් ප්‍රයෝජනවත් වනවා කියලා අපිට දැනගන්නට ලැඛෙනවා.
සේවා යෝජකයන්ට මෙම පොතෙන් තොරතුරු අරගෙන අවශ්‍ය ශ්‍රමිකයන් අවශ්‍ය සුදුසුකම් වලින් යුතු අය තෝරා ගැනීමටත් ඒ අනුව වෘත්තීය පුහුණු පාඨමාලා සැලසුම් කරලා අවශ්‍ය ශ්‍රමිකයන් තෝරා ගැනීමටත් ප්‍රයෝජනවත් වේ.
ශ්‍රම වෙළෙදපොළ ඇති ඉල්ලූම සැපයුම ගැන අවබෝදයක් ලබා ගැනීමට පර්යේෂකයන්ට මෙය වැදගත් වනවා.
එක් එක් ක‍ෂ්ත්‍රයේ ඇති රැකියා පිළිබඳව මනා අවබෝදයක් ලබාගෙන වෘත්තීය පුහුණු සැලසුම් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තියමය තීරණ ගැනීමට වෘත්තීය පුහුණු ආයතන ප්‍රධානීන්ට, පුහුණුකරුවන්ට වැදගත් වෙනවා.
දැන් ඉතින් අපි වෘත්තීය අධ්‍යාපනයට මඟ ගැනත් ශ්‍රම වෙළෙදපොළ තොරතුරු සංග්‍රහය ගැනත් කතා කලා ඇති අපි ආයෙත් දවසක හමුවෙලා වෘත්තීය පුහුණුව ගැන තව ටිකක් කතා කරමු.

(Visited 336 times, 3 visits today)

Leave us a Comment