සාර්ථක ජීවිතයක්

 

“මම 2012 වසරේ වරකාපොල කාර්මික විද්‍යාලයේ  ළමා හා කාන්තා ඇදුම් මැසිමේ පාඨමාලාව W.ප්‍රේමලතා උපදේශිකාව යටතේ හැදෑරුවා.පොඩි කාලේ ඉඳලා ඇදුම් මැසිමේ කලාව වැඩිදුර ඉගෙනගැනිමට ලොකු ආශාවක් තිබුණ නිසා දෙමව්පියන්ද මට හැකි පමණ ඒ සදහා උදව් කළා. කාර්මික විද්‍යාලයේ මැහුම් පාඨමලාව නිසා මගේ හිතේ තිබුන ඒ ආශාව තව තවත් වැඩි  උනා.ප්‍රේමලතා මැඩම් අපිට නිරමාණාත්මකව,අරපිරිමෙස්මෙන් ඇදුම් මැසීමට අදාල සියලු ශිල්පයන් ඉගැන්නුවා. ටෙක් එකේ කොස් එකෙන් පස්සේ මම ගමේ අයගේ ඇදුම් මහන්න ආරම්භ කළා.ඒ කාලෙම මම සාරි වර්ක් කරන්නත් ඉගෙන ගත්තා.

ඒ කාලේදීම වරකාපොල කාර්මික විද්‍යාලයේ වෘත්තිය මාර්ගෝපදේශන අංශයේ දින 08 ක ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහනකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. මාර්ගෝපදේශන නිලධාරිනි චම්මි බාලසූරිය ටීචත් ගම්පහ කාර්මික විද්‍යාලයෙන් ඒ පාඨමාලාවට පැමිණි ධම්මිකා ජයමිණී ටීචත් අපිට ව්‍යාපාර ආරමිභ කරන ආකාරයත් ව්‍යාපාරය දියුණු කර ගන්න ආකාරය හා ව්‍යාපෘති වාර්තාව හදන විදිහ හොදින් විනෝදාත්මකව අපිට ඉගැන්නුවා. ඒ වැඩසටහනින් ගත්තු ව්‍යාපාර දැනුමත් මැහුම් පාඨමාලාවේ දැනුමත් එකතු කරලා 2016 අවුරුද්දේ මේ ව්‍යාපාරය ආරම්භ කළා. මං මේ වනකොට සාරි හැට්ට, ළමා ඇඳුම්,කාන්තා ඇඳුම්,සාරි වර්ක් කිරීම හොදින් කරගෙන යනවා. මට උදව්වට තව එක්කෙනෙක් මගේ ලඟ වැඩ කරනවා.

ඒ වගේම මේ ව්‍යාපාරේ කරගෙන යන්න මගේ දෙමව්පියෝගොඩක් උදව් වෙනවා. මට මේ වගේ සාර්ථක ගමනක් එන්න ලැබුනේ වරකාපොල ටෙක් එක හින්දා.ඒ හින්දා ටෙක් එකට මගේ ගෞරවය පුද කරනවා. ඉදිරියේදී මේ ව්‍යාපාරය තව තවත් දියුණු කරගෙන කිහිපදෙනෙකුට රැකියා අවස්ථා ලබා දීලා මගේ ජීවිත ඉලක්ක ජයගැනීමයි මගේ එකම ප්‍රාර්ථනය. ඒ වගේම මං රැකියා කරන්න බලාපොරොත්තු වෙන සහ ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වන හැමෝටම ආරාධනා කරනවා මම වගේ කාර්මික විද්‍යාලයේ පාඨමාලාවන්ට යොමු වෙලා හොඳම මට්ටමේ දැනුමක්, ජාත්‍යන්තර මට්ටමේ සහතිකයක් ලබාගෙන තමන්ගේ ජීවිතය ඉතා සාර්ථක කරගන්න ලෙස.

 

M.R .මධුෂිකා ලක්ෂානි

ලක්ෂානි ෆැෂන් ඇන්ඩ් ටේලර්ස්

තුඹලියද්ද,වරකාපොල – 0728632271

(Visited 99 times, 1 visits today)

Leave us a Comment