TVET Guide  

තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ විවිධ පරිගණක ගත කරණ ලද තොරතුරු පද්ධති මගින් පහසුකම් සැලසීමට තොරතුරු පද්ධති අංශය සැලසුම් කිරීම, විවිධ පරිගනක තොරතුරු වර්ධනය කිරීම කරනු ලැබේ. තොරතුරු පද්ධති අංශයේ නිලධාරීන් 7 දෙනෙකුගෙන් සමන්විත වේ. ඔවුන් නම් අධ්‍යක්ෂ, ශ්‍රම වෙළෙදපොල විශ්ලේෂක, සංඛ්‍යාලේඛන පුස්තකාලයාධිපති, වැඩසටහන්කරු, ව්‍යාපෘති සහකාරවරුන් දෙදෙනා සහ පරිගණක ක්‍රියාකරු වශයෙනි.

 
    විද්‍යුත් පුස්තකාලය  
    අභ්‍යන්තර ජාලය  
    LMS  
    සම්බන්ධවීම   අංශයේ පරමාර්ථ
  • ශ්‍රම වෙළෙදපොල තොරතුරු සංවර්ධනය කිරීම හා පාලනය කිරීම.ශ්‍රම වෙළෙදපොල තොරතුරු සංග්‍රහය වාර්ෂිකව ප්‍රකාශයට පත්කිරීම.

  • තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වෙබ් පිටුව සංවර්ධනය කිරීම හා පවත්වාගෙන යාම සහ අභ්‍යන්තර ජාලය සහ විද්‍යුත් සන්නිවේදන පහසුකම් සැලසීම.
  • තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ මනා ක්‍රියාකාරීත්වයට අදාලවන මෘදුකාංග සංවර්ධනය කිරීම, දෘඩාංග සංවර්ධනය කිරීම හා පවත්වගෙන යාම
 
         
       
         
         
         
         
        අංශයේ ක්‍රියාකාරකම් නම්  
       
  • ශ්‍රම වෙළෙදපොල තොරතුරු පවත්වාගෙනයාම හා සංවර්ධනය කිරීම.

  • ශ්‍රම වෙළෙදපොල තොරතුරු සංග්‍රහය හා තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ප්‍රවෘත්ති පත්‍රය සැකසීම හා ප්‍රකාශයටපත් කිරීම.

  • කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ක්ෂේත්‍රය සඳහා තොරතුරු පද්ධති කළමනාකරණයක් පවත්වාගෙන යාම සඳහා පුහුණුවට සම්බන්ධ තොරතුරු විශ්ලේෂණය කිරීම.

  • විද්‍යුත් සංනිවේදන පහසුකම් සැලසීම සඳහා අභ්‍යන්තර ජාලය සංවර්ධනය කර පවත්වාගෙන යාම.

  • තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වෙබ් පිටුව සංවර්ධනය කර පවත්වා‍ෙගන යාම.

  • තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ විවිධ පද්ධති සඳහා තොරතුරු තාක්ෂණ මෘදුකාංග සංවර්ධනය කර පවත්වාගෙන යාම.

  • තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සඳහා පුස්තකාල පහසුකම් සංවර්ධනය කර පවත්වාගෙන යාම.

  • අවශ්‍ය වු විට ලබාගැනීම සඳහා විශේෂ ශ්‍රම ‍ෙවළෙදපොල තොරතුරු විශ්ලේෂණය පවත්වාගෙන යාම.

 
         
         
         
         
         
         
         
         
         
         
         
         
           
 

දුරකථන: +94(0)115849291 ‍ෆැක්ස්: +94(0)112555007 විද්‍යුත් තැපැල්: info@tvec.gov.lk
නිපුණතා පියස, තෙවන මහල, 354/2, ඇල්විටිගල මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව.