ආර්ථික සංවර්ධනයෙහි හා මානව සම්පත්වල ඇති අවශ්‍යතාවය හැඳින ගෙන. සැලසුම් හා පර්යේෂණ අංශය මගින් වෘත්තීය හා කාර්මික අධ්‍යයන අංශය ඵලදායී පරිදි යොදා ගැනීමේ ඇති අවශ්‍යතාවය 1990 අංක 20 දරණ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන පනතේ දක්වා ඇත. තෘතියික හා  වෘත්තීය අධ්‍යාපන හා රටේ සෑම තරාතිරකම කෙනෙකුගේම මානව සම්පත් අවශ්‍යතාවට සරිලන අන්දමින් දියුණුවිය යුතු ආකාරය පෙන්වා දී ඇත. මෙම ඉහත කී කාර්මික හා වෘත්තීය අධ්‍යාපන අවශ්‍යතාවය මානව සම්පත් කෙරෙහි කෙසේ බලපායි ද යන්න වාර්ෂිකව ගණනය කර ඇත.

  1. පවත්නා කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලසුම් හා උපාය මාර්ග විමර්ශනය කිරීම හා යාවත්කාලීන කිරීම.

  2. තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සංයුක්ත සැලැස්ම සහ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සැලසුම් කිරීම හා යාවත්කාලීනව පවත්වාගෙන යාම.

  3. වෘත්තීය අධ්‍යාපන හා පුහුණු සැලසුම් පිළියෙල කිරීම හා යාවත්කාලීන කිරීම.

  4. මුල්‍යාධාර ලබාදීම.

  5. පර්යේෂණ සහ අධ්‍යයන.
 

දුරකථන: +94(0)115849291 ‍ෆැක්ස්: +94(0)112555007 විද්‍යුත් තැපැල්: info@tvec.gov.lk
නිපුණතා පියස, තෙවන මහල, 354/2, ඇල්විටිගල මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව.