|
|
|
| |
පුහුණු පාඨමාලා ප්‍රනීතනය |
|
| |
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ
ජාතික වෘත්තීය සුදුසුකම් ස්ථාපනය කර ඇත. ජාතික වෘත්තීය
සුදුසුකම් කර්මාන්ත ක්ෂේත්‍රයන්ට අවශ්‍ය සම්මත පදනම් කරගෙන
සංවර්ධනය කර ඇත.
ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති මිණුම් ලකුණු පදනම්
කරගෙන මෙම සම්මත නිපුණතාවය පදනම් කරගෙන සේවකයන්ගේ ඉතා උසස්
දක්ෂතාවන් පෙන්නුම් කරනු ලැබේ. ජාතික වෘත්තීය සුදුසුකම්
ව්‍යුහය වනාහි ඉතා පහසු වුත් කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය
කරන පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීමට අවශ්‍ය ආයතන වලට පාඨමාලා
සංවර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රමාණය දක්වන්නකි.
ජාතික වෘත්තීය සුදුසුකම් ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන
වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ආයතන එම පාඨමාලා තෘතියික හා
වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ පාඨමාලා ප්‍රතීතනය ලබාගත
යුතුය. තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ
ලියාපදිංචි ආයතන වලට පාඨමාලා ප්‍රතීතනය සඳහා ඉල්ලුම් කළ
හැකිය. (NVQ)
ජාතික වෘත්තීය සුදුසුකම්
මට්ටම් 5 සහ 6 ජාතික ඩිප්ලෝමා මට්ටම ප්‍රදානය කිරීමට
බලාපොරොත්තුවන ආයතන
ISO
තත්ත්ව කළමණාකරන පද්ධතිය ස්ථාපනය කළ යුතු අතර එය කොමිෂන්
සභාව පිළිගත යුතුය. අනතුරුව පාඨමාලා ප්‍රතීතනය සඳහා
ඉල්ලුම් කළ යුතුවේ. |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
|
| |
ප්‍රතීතනය සඳහා ඉල්ලුම් කිරීම |
|
| |
පාඨමාලා ප්‍රතීතනය සඳහා අයදුම්පත් තෘතියික හා වෘත්තීය
අධ්‍යාපන කොමිෂන් සභාවේ වෙබ් පිටුවෙන් හෝ නාරාහේන්පිට
නිපුණතා පියසේ තෙවන මහලේ කාර්යාලයට පැමිණ ලබාගත හැකිය.
පුහුණු පාඨමාලා ජාතික වෘත්තීය සුදුසුකම් ව්‍යුහය පදනම්
කරගෙන ජාතික නිපුණතා සම්මත හා නිපුණතාවය මත පදනම් වන
හෙයින් පාඨමාලා ප්‍රතීතනය සඳහා ඉල්ලුම් කිරීමට පෙර
විෂයමාලා නිපුණතා සම්මතවලට අනුකුලව සැකසීම අවශ්‍ය වේ.
ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම, අවශ්‍ය ජාතික වෘත්තීය
සුදුසුකම් වලට අවශ්‍ය විය යුතු සුදුසුකම්, අවශ්‍ය නිපුණතා
ඒකක සහ අනෙකුත් අවශ්‍ය තොරතුරු නිපුණතා සම්මතවල දැක්වේ.
නිපුණතා පාදක පුහුණුවට පාඩම් මාලාවල විෂය සාරාංශය
ඇතුලත්වේ. එහි පුහුණුකරුගේ මාර්ගෝපදේශය පුහුණුවන්නාගේ
මාර්ගෝපදේශය සහ පුහුණු සැලැසුම් කිරීමට හා පුහුණුව ලබාදීමට
නිපුණතා සම්මතයට අදාල තොරතුරු ඇතුලත්වේ.
|
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
පාඨමාලා ප්‍රතීතනය සඳහා ඇගයීම් කරණය කිරීම |
|
| |
ජාතික නිපුණතා සම්මත පදනම් කරගෙන පාඨමාලා ප්‍රතීතන
ක්‍රියාවලිය සිදු කරනු ලැබේ. ආයතන වල පාඨමාලා ප්‍රතීතනය
සඳහා ඉල්ලුම් කරන විට එම ආයතන වල ජාතික නිපුණතා පදනම්
කරගෙන එහි සඳහන් ආකාරයට පාඨමාලා පවත්වන බවට සාධක වශයෙන්
අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය. |
|
| |
|
| |
|
| |
-
පාඨමාලා සැලැස්ම / එක් එක් මොඩියුලයට අයත් කාල පරාසය
ඇතිව පාඨමාලාව සඳහා වාර්ෂික සැලැස්ම
-
පුහුණු සැලැස්ම / එක් එක් පුහුණු පාඨමාලාව සඳහා
වාර්ෂිකව වෙන්කර ඇති කාල පරාසය පැහැදිලිව එක් එක්
මොඩියුලය වශයෙන් දැක්විය යුතුය.(පත්‍රිකාව
lll/05/19/00)
-
සෑම මොඩියුල එකකටම අයත්වන පාඩම්මාලා සැලැස්ම.
(පත්‍රිකාව
lll/05/20/01)
-
සතියේ කාලසටහන
-
උපදේශකයන් එහි භාවිතා කරන ලොග් සටහන් පොත හෙවත් පුහුණු
කරුවන්ගේ දිනපතා සටහන්
-
පුහුණු ලාභීන්ගේ දිනපතා සටහන් සහ ප්‍රායෝගික අභ්‍යාස
පොත්
-
නොකඩවා තක්සේරු කිරීම සඳහා දිනපතා එක්වෙන විෂය
කාර්යයන් ඇගයීම් කිරීමේ ක්‍රියාපිළිවෙත්
-
පුහුණු ලාභීන් ඇගයීම් කිරීමේ සටහන් පොත්
|
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
ඉහත අවශ්‍ය කරන දේවලට අමතරව පහත දැක්වෙන සම්පත් අධීක්ෂණය
කරනු ලැබේ |
|
| |
-
පුහුණු පාඨමාලා පවත්වාගෙන යාමට අවශ්‍ය කරන පුහුණු
පහසුකම්
-
පුහුණු කාර්ය මණ්ඩලයේ සුදුසුකම්
-
පුහුණු කාර්ය මණ්ඩලයේ ප්‍රමාණවත් බව
-
පුහුණු පරිසරය තුල හා පන්ති කාමරවල ඇති ඉඩපහසුකම්
-
කළමනාකරණය සහ දත්ත පවත්වාගෙන යාම
|
|
| |
|
| |
|
| |
|
| |
|
| |
ප්‍රතීතන ගාස්තු |
|
| |
-
එක් පාඨමාලාවක් ප්‍රනීතන කිරීම සඳහා රු. 2100/= ක
ගාස්තුවක් අය කරනු ලැබේ.
|
|
| |
අයදුම්පත් ඉදිරිපත් කරන විට ගෙවීම් කළ යුතුවේ |
|
| |
ප්‍රතීතනය කරණ ලද පාඨමාලාවක වලංගු කාලය උපරිම වශයෙන්
අවුරුදු 3 කි. මෙම කාලය වෙනස් වීම. සතුටුදායක ලෙස
පවත්වාගෙන යාම හා නිපුණතා සම්මතයන්ට අනුව පාඨමාලා
පැවැත්වීම මත වෙනස්විය හැකිය. ආයතනය නිරන්තරයෙන් විගණනය
කරනු ලැබේ. විගණන වාර්තාව සතුටුදායක නම් පාඨමාලා ප්‍රතීතනය
නැවත නවීකරණය කරනු ලැබේ.
පාඨමාලා ප්‍රතීතනය නවීකරණය නොවු විට එම ආයතනය කල් ඉකුත්වු
සහතිකය තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවට
නිසිපරිදි බාරදිය යුතුය. |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
බාගත කළහැකි ඉල්ලුම්පත් වර්ග |
|
| |
|
|
| |
| |