පුහුණු ආයතන ලියාපදිංචිය  
 

ලියාපදිංචි පුහුණු ආයතන ගැන ශිෂ්‍යයන්ට, දෙමාපියන්ට, සේවා යෝජකයන්ට සහ රාජ්‍ය අංශයේ සහ කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් ඇත්තන්ට විශ්වාසයක් ඇතිවන පරිදි පුහුණුවේ අන්තර්ගතය, පාඨමාලා ඇගයීම් කරණය. අවශ්‍ය නිපුණතා සම්මතයන් සපුරාලන බවට, පාඨමාලා පැවැත්වෙන බව තහවුරු විය යුතුය. පුහුණු ආයතන වලට පවත්වන ලද පුහුණු පාඨමාලාවල කාර්යක්ෂමතාවය අභ්‍යන්තර හා භාහිර වශයෙන් දියුණු විය යුතුය. එම ආයතන වලට ලියාපදිංචි වීමේ වරප්‍රසාද හිමිවේ. වෘත්තීය පුහුණුව ලබාදෙන විවිධ නියෝජිත ආයතන වලට පුහුණු සම්පත් ලබාදීම සිදුවේ.

පුහුණු ආයතන වලින් ලබාදෙන ලද පුහුණුව හා එහි කාර්යක්ෂමතාවය ආර්ථික සම්පත් වර්ධනය කිරීමට රජය බලාපොරොත්තුවන පරිදි හැකිය. පුහුණු ආයතන ලියාපදිංචිය 1990 අංක 20 දරණ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන පනතේ අංක 14 වගන්තියට අනුව සිදුවේ. පුහුණු ආයතන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය 1995 සැප්තැම්බර් 7 වන දින රජයේ ගැසට් අංක 87/8 මගින් කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ක්ෂේත්‍රයේ තත්ත්වය සහ අවශ්‍යතාවය පරිදි තිබිය යුතුය. ආයතනයක් ලියාපදිංචි කරන අවස්ථාවේදී ප්‍රමාණවත් පරිදි පුහුණු උපකරණ, ගුරුවරුන්ගේ සුදුසුකම් , විෂයමාලාව, පුහුණුව ලබා දීම යන අවශ්‍ය යටිතල පහසුකම් තිබිය යුතුය.

 
   
   
   
   
   
   
   
   
   
     
 

පුහුණු ආයතන ලියාපදිංචි කිරීමේ ගාස්තු

 
  පුහුණුව සපයන ආයතන ලියාපදිංචිය සඳහා නිර්දේශිත ගාස්තු
  1. භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන රාජ්‍ය අංශයේ ආයතන සඳහා රු. 500.00 කි.

  2.  පුද්ගලික අංශයේ සහ රාජ්‍ය නොවන ආයතන සඳහා.

  •     A+ ශ්‍රේණියේ ආයතනයක් සඳහා රු. 3000.00

  •     A    ශ්‍රේණියේ ආයතනයක් සඳහා රු. 2500.00

  •     B    ශ්‍රේණියේ ආයතනයක් සඳහා රු. 1500.00

  •     C    ශ්‍රේණියේ ආයතනයක් සඳහා රු. 1000.00

 
  නැවත ඇගයීම් කිරීම සඳහා රු. 1000 ක මුදලක් අයකරනු ලැබේ. එය පුද්ගලික අංශයේ ආයතන හා රාජ්‍ය අංශයේ / රාජ්‍ය නොවන සංවිධාන, ආයතන යන දෙකටම පොදුය. ආයතන ඇගයීමෙන් අනතුරුව එම ආයතනයට ලබා දෙන ශ්‍රේණිය තීරණය කරනු ලැබේ. ලියාපදිංචිය සදහා ඉල්ලුම් කිරීමේ දී රු 1000 ක අවම ගෙවීමක් කළ යුතුය. වෙනත් ශ්‍රේණියක් ආයතනය සඳහා ලැබුනහොත් පසුව ඉතිරි මුදල ගෙවිය යුතුය.  
     
  මුදල් ගෙවිය හැකි ආකාර  
 
  1. නියෝජ්‍ය අධක්ෂ මුදල් තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව නමට ලියන ලද මුදල් ඇනවුමක් ගෙවන කාර්යාලය නාරාහේන්පිට යනුවෙන් සඳහන් කළ හැකිය.

  2. තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභා කාර්යාලයට පැමිණ මුදල් ගෙවීම.

 
   
   
   
 

ආයතන ශ්‍රේණිගත කරනු ලබන්නේ ලියාපදිංචිය ඇගයීම් කිරීමකින් පසුව වන අතර එම ශ්‍රේණිගත කිරීම පහත දැක්වේ.

 
     
  C ශ්‍රේණියේ ආයතනයක් සඳහා  
  අවම තරමින්වත් පුහුණුව සැපයීමට අවශ්‍ය සම්පත් සැලසිය හැකි බව පිළිගැනීමට හැකිවිය යුතු අතර මෙම ලියාපදිංචි ආයතන වලංගු වන්නේ වසර 2 ක කාලසීමාවක් සදහා පමණි.  
     
  B ශ්‍රේණියේ ආයතනයක් සඳහා  
  පුහුණුව සැපයීමට අවශ්‍ය කරන තත්වයේ උපකරණ ඇති ආයතන. මෙම ආයතන වල ලියාපදිංචිය වලංගු වන්නේ වසර 3 ක කාලසීමාවක් සඳහා පමණි  
     
  A ශ්‍රේණියේ ආයතනයක් සඳහා  
  C ශ්‍රේණියේ හෝ B ශ්‍රේණිය ලබාගෙන ඇති පාඨමාලා වලින් 50% ක් පාඨමාලා ප්‍රනීතනය කරන ලද ආයතන. මෙම ආයතන වල ලියාපදිංචිය  වසර 3 ක කාලයක් සඳහා වලංගුවේ.  
     
   A+ ශ්‍රේණියේ ආයතනයක් සඳහා  
  A ශ්‍රේණිය ලබාගෙන ඇති සහ තත්ත්ව කළමණාකරන පද්ධතිය පිහිටුවා ඇති ආයතන.  
     
  ඉල්ලුම්පත් බාගත කරගැනීම  
 
ඉල්ලුම්පත් PDF (Sinhala/English) Word (Sinhala/Tamil) PDF (Tamil/English) Word (Tamil/English)
ලියාපදිංචිය Download Download Download Download
ලියාපදිංචිය අලුත් කිරීම Download Download Download Download
අවශ්‍ය ලේඛන Download   Download Download
 
 
 

දුරකථන: +94(0)115849291 ‍ෆැක්ස්: +94(0)112555007 විද්‍යුත් තැපැල්: info@tvec.gov.lk
නිපුණතා පියස, තෙවන මහල, 354/2, ඇල්විටිගල මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව.