තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ කටයුතු සදහා පහසුකම් සැලසීම පිණිස විවිධ පරිගනකගත තොරතුරු පද්ධතීන් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම මෙම තොරතුරු පද්ධති අංශයේ ප්‍රධාන අරමුණ වේ. අනෙකුත් ප්‍රධාන කාර්යන් වනුයේ,
- ශ්‍රම වෙළඳපොළ තොරතුරු පද්ධතිය සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම.
- වර්ෂයකට දෙවතාවක් ශ්‍රම වෙළඳපොළ තොරතුරු පත්‍රිකාව සකස් කිරීම සහ පළ කිරීම.
- කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු (TVET) ක්ෂේත්රයේ පාඨමාලාවල තොරතුරු ප්‍රචාරය කිරීම, “TVET Guide”සකස් කිරීම සහ පළ කිරීම.
- පුහුණු සහ ඒ ආශ්රිත තොරතුරු විශ්ලේෂණය කිරීමට කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ක්ෂේත්රය සඳහා තොරතුරු කළමනාකරණ පද්ධතිය (MIS) පවත්වාගෙන යාම.
- විද්‍යුත් සන්නිවේදන පහසුකම් ලබා දීම සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අන්තර් ජාලය සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම.
- තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අන්තර් ජාල පිටුව (Website) සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම.
- තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ විවිධ උප පද්ධතීන් කළමනාකරණය සඳහා තොරතුරු තාක්ෂණ මෘදුකාංග (IT software) සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම.
- තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ පුස්තකාල පහසුකම් සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම.
- සුදුසු සහ අවශ්‍ය වූ අවස්ථාවන්හි ශ්‍රම වෙළඳපොළ තොරතුරු පිළිබඳ විශේෂ විශ්ලේෂණ ලබා දීම.
- කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු (TVET) මධ්‍යස්ථානවල පිහිටීම බලා ගැනීමට භූ විද්‍යාත්මක තොරතුරු පද්ධතිය (GIS) සංවර්ධනය කිරීම
- TVEC Newsletter සංවිධානය කිරීම, මුද්‍රණය කිරීම සහ ප්‍රචාරය කිරීම.
(Visited 583 times, 1 visits today)