1990 අංක 20 දරන තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන (TVE) පනතෙහි අරමුණු අංක 1 ඉටු කිරීමෙහිලා වගකීම තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සැලසුම් සහ පර්යේෂණ අංශයේ ප්‍රධාන වගකීම වේ. එනම් සැලසුම් සකස් කිරීම, ආර්ථිකයේ මානව සම්පත් අවශ්‍යතාවලට සමගාමීව සියළුම මට්ටම්වවල තෘතීයික අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධීකරණය සහ සංවර්ධනය කිරීමයි. මෙම අංශයේ ප්‍රධාන අරමුණු වනුයේ,
- සංයුක්ත සැලැස්ම සමාලෝචනය කිරීම සහ යාවත්කාලීන කිරීම.
- තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම සහ අධීක්ෂණය කිරීම.
- කර්මාන්ත අංශයන් සඳහා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු සැලැස්ම (VET) සකස් කිරීම සහ යාවත්කාලීණ කිරීම.
- පළාත් සඳහා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු සැලැස්ම (VET) සකස් කිරීම සහ යාවත්කාලීණ කිරීම.
- සමාජයේ විවිධ මට්ටම්වලට භාජනය වූ පිරිස ඇතුළුව රාජ්‍ය සහ පුද්ගලික අංශයේ පුහුණු ආයතන සඳහා මූල්‍ය සහයෝගය ලබා දීම.
- මූල්‍ය සහයෝගය ලබා දිය යුතු ආයතනවල ප්‍රගතිය අධීක්ෂණය කිරීම.
- කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු (TVET) ක්ෂේත්රයේ පර්යේෂණ අධ්‍යයනයන් පැවැත්වීම සහ සම්බන්ධීකරණය කිරීම.
(Visited 583 times, 1 visits today)