
ලෝකයේ දියුණු රටවල් කිහිපයකම වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂෙත්රය මෙහෙයවන නියාමක බලවේගය ලෙසට එම රටවල කර්මාන්ත ක්ෂෙත්රය මේ වනවිටත් පත්ව ඇත. මේ සඳහා නිදසුන් කිහිපයක් ලෙස ජර්මනිය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය ගෙනහැර පෑ හැක. වෘත්තීය අධ්‍යාපන හා කාර්මික පුහුණු ක්ෂෙත්රයෙහි පැවැත්විය යුතු පාඨමාලා මෙන්ම එහි අන්තර්ගත වියයුතු නිපුණතාවයන් මොනවාද යන්න තීරණය කිරීම එම කර්මාන්ත ක්ෂේත්රයන්හි ඇති ආංශික නිපුණතා සභාවන්ගේ මූලිකත්වයෙන් සිදුකරනු ලබයි. එහෙත් ජාතික වෘත්තීය සුදුසුකම් ක්‍රමය අප රටේ වෘත්තීය අධ්‍යාපන හා කාර්මික ක්ෂේත්රය තුලට හඳුන්වාදෙනු ලැබූ 2004/2005 කාල වකවානුවේදී එවැනි ආංශික නිපුණතා සභා කිසිවක් අප රටෙහි පිහිටුවා නොතිබුණි. ඒ සඳහා තාවකාලික උපක්‍රමයක් ලෙස එවක ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය යටතේ ඇති කර තිබූ ජාතික කර්මාන්ත උපදේශක කමිටුවල සේවය මෙම කටයුත්ත සඳහා යොදා ගත් නමුත් එහි අඩුපාඩු රාශියක් පැවතුණි. පසුගිය කාලය මුළුල්ලේම නිපුණතා ආංශීක සභාවන් ස්ථාපිත කිරීමට තෘතියීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් වරින් උත්සාහ කල නමුදු එම උත්සාහයන් සාර්ථක වූයේ නැත. නමුත් දැනට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු කිරීමේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික නිපුණතා සංවර්ධන ව්‍යාපෘතියේ (Sector Skills Development Programme) අනුග්‍රහය ඇතිව ගතවූ 2015 වසරේ සිට මේ දක්වා මෙවැනි ආංශික නිපුණතා සභාවන් 4ක් ස්ථාපිත කිරීමට තෘතීයික හා වෘත්තීය අධ්‍යපන කොමිෂන් සභාව විසින් පියවර ගෙන ඇති අතර එම ආංශික සභාවන් මේ වනවිට ක්‍රියාත්මකව පවතී. ඉදිකිරිම් ක්ෂෙත්රය, තොරතුරු තාක්ෂණය, නිමැවුම් හා ඉංජිනේරු සේවා හා සංචාරක ක්ෂෙත්රය දැනට ආංශික සභා ක්‍රියාත්මක වන ක්ෂෙත්ර 4 වන අතර ඉදිරි වර්ෂය තුළ තවත් එවැනි ආංශික නිපුණතා සභා පිහිටුවීම සදහා ක්ෂෙත්ර 6 ක් මේ වනවිට හඳුනාගෙන ඇත. දැනට ආංශික නිපුණතා සභා පිහිටුවා ඇති ක්ෂෙත්රවල පවතින ශ්‍රම ඉල්ලුම හා අප වෘත්තීය පුහුණු පාඨමාලා මගින් නිපදවනු ලබන ආධුනිකයන්ගේ නිපුණතාවයන් හා කර්මාන්තයේ අවශ්‍යතාවයන් හා ගැලපීම් සම්බන්ධව අදාල සභා සමඟ මුලික වශයෙන් අදහස් හුවමාරු කර ගන්නා සාකච්ඡා වට කිහිපයක්ම කොමිෂන් සභාවේ අනුග්‍රහයෙන් මේ වන විට පවත්වා අවසන් කර ඇත. එහිදී යම් යම් ක්ෂෙත්රවල විශේෂයෙන් ඉදිකිරිම් ක්ෂෙත්රය තුළ පවතින අධික ශ්‍රම හිඟය හා වෘත්තිය පුහුණුවෙන් පසු එක්වන ආධුනිකයන්ගේ නිපුණතාවයන්හි පවතින ඌණතා ගණනාවකට හේතුවක් ලෙස දැනට වෘත්තිය පුහුණු ආයතනයන්හී පවත්වනු ලබන සය මාසික, එක් අවුරුදු හා දෑවැරුදු වශයෙන් වු දීර්ඝ කාලසීමාවන්ගෙන් යුත් පාඨමාලා පැවැත්වීම නිරර්ථක ලෙසත් කර්මාන්තයෙහි දැනට පවතින ශ්‍රම හිඟයට එය පිළියමක් නොවන බව හඳුනාගෙන ඇත. ඒ හේතුවෙන් අදාල වෘත්තීය මුලික නිපුණතාවන් පමණක් ආධුනික/ආධුනිකාවන් වෙත ලබා දි ඉන් පසු ඔවුන් කර්මාන්තයේ මාස 6ක පමණ සේවයෙහි යෙදවීමෙන් අනතුරුව අදාල අනෙකුත් නිපුණතාවන් ඔවුන් වෙත ලබා දිම වඩාත් ප්රඥාගෝචර බැව් තීරණය කොට ඇත. එවැනි කෙටි කාලින පාඨමාලාවන් පැවැත්විමෙන් ලබා ගත හැකි වාසි ලෙස පහත සදහන් කරුණු ඉදිරිපත් වී ඇත.
• කෙටි කාලින පාඨමාලා හැදෑරිමට ආධුනිකයන් වැඩි කැමැත්තක් දැක්විම.
• වර්ෂයක කාලයක් තුළ එවැනි කෙටි කාලීන පාඨමාලා ගණනාවක් පැවැත්වීමට ආයතනවලට හැකි වීමෙන් ඉහළ ප්‍රතිදාන අගයක් (Out put) ලැබීමට හැකි වීම.
• ඉක්මණින් අවසන් වන බැවින් පාඨමාලා අත් හරින ආධුනිකයන්ගේ ප්‍රමාණය අඩුවීම.
• වැඩබිම් පුහුණුව සඳහා කර්මාන්තයට ක්ෂණිකව සම්බන්ධ වීමේ හැකියාවක් තිබිම.
• වැඩ ලෝකයට ක්ෂණිකව එක්වීමේ අවස්ථාවක් ඇති වීම.
• ඉහළ සුදුසුකම් ප්රදානය කෙරෙන පාඨමාලා සඳහා එකතු වීමට මෙම කෙටි කාලීන පාඨමාලා අනුබලයක් වීම.
• කෙටි කාලයකින් ජාතික වෘත්තිය සුදුසුකම් ලාභීයෙකු බවට පත්වීමේ ඉඩ ප්‍රස්තා ඇතිවීම.
වෘත්තීය ක්ෂෙත්ර කිහිපයකට අයත් මෙවැනි කෙටි කාලීන පාඨමාලා කිහිපයක්ම අදාල ආංශීක නිපුණතා සභාවන්හී මාර්ගෝපදේශකත්වය ඇතිව එම සභාවන්හි අනුග්‍රහයෙන් තෘතියීක හා වෘත්තීය කොමිෂන් සභාව විසින් සකසා අවසන් කර ඇති අතර එම පාඨමාලා කොමිෂන් සභාවෙහි වෙබ් අඩවියෙහි මේ වනවිටත් පල කොට ඇත. එසේ කර ඇත්තේ අදාල පාර්ශවයන්හී මේ සම්බන්ධව අදහස් ලබා ගැනීම සදහා ය.
ඒ අතරම අදාල වෘත්තිය ක්ෂෙත්රවල ඉගැන්වීම් කටයුතු කරන අප අමාත්‍යංශයට අයත් පුහුණු ආයතනවල පුහුණු කිරීමේ කටයුතුවල නියැලි උපදේශකවරුන් සඳහා මෙම මුලික පාඨමාලාවන් හඳුන්වාදීමේ වැඩමුළු 3ක් මේ වනවිට පවත්වා ඇත. ඒ අනුව ඉදිකිරිම් ක්ෂෙත්රයට අයත් මුලික ජලනල කාර්මික පාඨමාලාව හා මුලික වඩු කාර්මික (ගොඩනැගිලි) පාඨමාලාව හඳුන්වා දීමේ වැඩසටහන් පිළිවෙලින් 2016 ඔක්තෝම්බර් 30 හා 2016 නොවැම්බර් 6 වන දිනයන්හී පැවැතුණි. ඒ අතරම තොරතුරු තාක්ෂණ ක්ෂෙත්රයට අයත් මුලික පාඨමාලාව හඳුන්වා දීම 2016 ඔක්තෝම්බර් මස 28 වන දින අප අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කර ඇත. සකසා අවසන්ව ඇති අනෙකුත් පාඨමාලා සඳහා ද ඉදිරි කාලයේදී මෙවැනි වැඩමුළු පැවැත්වීමට තෘතියීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව බලාපොරොත්තු වේ. මෙම පාඨමාලා සියල්ල ක්‍රියාත්මක කිරිම 2017 වසරේ ජනවාරි මස ආරම්භ වන අතර අදාල පුහුණු ආයතන සමඟ අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමට කොමිෂන් සභාව විසින් මේ වනවිට ද පියවර ගෙන ඇත.
පිටපත: සුනිල් කපුගේ
අධ්යක්ෂ (කර්මාන්ත සබඳතා)
තෘතියීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව